උණුසුම් පුවත්
Search
boy dead

මෙරට හෝටල් කාමර තුළ දී තරුණයින්ට දිවි අහිමිවීමේ වැඩි ප්‍රවණතාවක්

235

ක්ෂණිකව ලිංගික උත්තේජනය ඇති කරවන ඖෂධ භාවිතය ගැනීම නිසා හෝටල් කාමර තුළ තරුණයන් මිය යාමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බව හෙළිවි තිබෙනවා.

හදිසියේ මිය යන තරුණයන්ගේ මරණ පරීක්ෂණ බොහෝමයකදී ඔවුන් සිය සහකාරියන් සමග සිටින අවස්ථාවලදී ක්ෂණික ලිංගික උත්තේජන ඖෂධ ලබා ගෙන ඇති බවට අනාවරණය වී තිබෙන බව කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර ද තහවුරු කරනු ලැබුවා.

විශේෂයෙන් වයස අවුරුදු 20ත් – 30ත් අතර තරුණ පිරිස මෙලෙස වෛද්‍ය උපදෙස් නොමැතිව විවිධ වර්ගයේ ලිංගික උත්තේජනය ඇති කරවන ඖෂධ භාවිත කිරීමට පෙලඹී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙලෙස විවිධ ​​​ඖෂධ වර්ග වෛද්‍ය උපදෙස් වලින් තොරව භාවිත කිරීම හේතුවෙන් කොළඹ නගරයේ මසකට තරුණයන් පස් දෙනකුටවත් ජීවිත අහිමිවන බව ම රණ පරීක්ෂණ උසාවි වාර්තා පෙන්වා දෙනවා.

මෙවැනි ලිංගික උත්තේජනය ඇති කරවන ඖෂධ ගන්නේ නම් ඊට පෙර ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවද වෛද්‍යවරු අවධාරණය කර සිටිනවා.

වරුණි පෙරමුණ