උණුසුම් පුවත්
Search
herath

මෙරට අත්‍යවශ්‍ය හිඟ ඖෂධ 160ක් ගැන හෙළිදරව්වක්

188

මෙරටට අත්‍යවශ්‍ය කාණ්ඩයේ ඇති ඖෂධ වර්ග 383 අතරින් මේ වනවිට ඖෂධ 160ක පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය ඩී.ආර්.කේ. හේරත් පවසනවා.

ඔහු මේ බව අනාවරණය කළේ අද දෙරණ ‘බිග් ෆෝකස්’ සංවාදයට ඊයේ (28) පෙරවරුවේ එක්වෙමිනි.

හදවත් රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ග ද ඒ අතර වන බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

විශේෂඥ වෛද්‍ය ඩී.ආර්.කේ. හේරත් මහතා,

“ඖෂධ 383ක් එක්ක තමයි අපි මේ දවස්වල වැඩ කරන්නේ. මේ ඖෂධ 383න් අද වෙනකොට ඖෂධ 160ක විතර අඩුවක් තිබෙනවා. මේ වෙලාවේ මෙම ඖෂධ අපිට තිබුණොත් හොඳයි….. හෘදයවස්තුවේ අමාරුවට දිවයට තියාගන්න පෙත්තක් තිබෙනවා. මේක තව සති 2ක් වගේ ඇතුළත යම් කොටසක් හරි ගේන්න ඕනේ….. තවත් ඖෂධයක් තිබෙනවා හෘදයාබාධ වලට දෙන බෙහෙතක්. මේකත් ඉස්සරහට නැතිවීගෙන යන අවදානමක් අපි දකිනවා. තව එන්නතකුත් තිබෙනවා. මෙන්න මේ ඖෂධ 3 ඉතාම කඩිනමින් අපි ගෙන්වාගන්න ඕනේ….”

Source – Derana big focus