උණුසුම් පුවත්
Search
sachini dilhara

”මම එහෙම ලොකුවට බොනවා අඩුයි දැන්” – සචිනි දිල්හාරා

1130

කලා ලෝකය තුළ ආධුනික රංගන ශිල්පිනියක් විදිහට කලාවට ඇවිල්ලා බොහෝ දෙනෙක්ගේ හදවත දිනා ගත්ත සුන්දර කලාකාරියක් තමයි සචිනි දිල්හාරා කියන්නේ. රංගන ශිල්පිනියක් විදිහට ඇයව ගොඩක් දෙනෙක් දැක බලා ගන්නටත් කලින් ඉඳන්ම සචනි දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහටත් වැඩ කටයුතු කරලා තියෙනවා. ඇය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ගමන් ඉන්න කෙනෙක්. ඒ නිසා අධ්‍යාපන වැඩ කටයුතු වගේම කලා කටයුතුත් සමබරව විදිහට කරගෙන යන්න නිරන්තරයෙන්ම සචිනි උත්සහ දරනවා.

image 287

මේ දිනවල අලුතෙන් විකාශය වෙන්න පටන් ගත්තු මැස්සා ටෙලි නාට්‍යය හරි අපූරු චරිතයකි නුත් ඇය ප්‍රේක්ෂකයන් හමුවට ආවා. සචිනි සඳහන් කරන විදිහට ඇය පුංචි කාලේ ඉඳලම හැදී වැඩෙන්නේ අම්මා ගාව. මොකද තාත්තයි අම්මයි වෙන්වෙලා ජීවත් වුණු නිසා ඇයට තාත්තගේ ආදරයක් සෙනෙහසක් පුංචි කාලේ ඉඳන්ම ලැබෙන්නේ නැහැ. ඒ නිසා නොයෙකුත් බාධක ප්‍රශ්න ගැටලු හමුවේ ජීවිතය දිනන්න තමයි ඇයට සිදු වුණේ.

image 286

නමුත් අම්මගෙ උත්සහය සහ කැපකිරීම නිසා අයියා සහ ඇය අද වෙද්දි ජීවිතයේ හොඳම තැනක ඉන්නව කියලත් සචිනි සඳහන් කරනවා. සචනි කියන්නේ මේ වෙද්දී සරසවි අධ්‍යාපනයත් එක්ක මනෝවිද්‍යාව පැත්තෙන් අධ්‍යාපන කටයුතු හදාරන කෙනෙක්. ඇය ජීවිතයේ එක්තරා අවස්ථාවකදී කොයිතරම් මනෝවිද්‍යාව පිළිබඳව දැනගෙන හිටියත් විශාදය කියන රෝගී තත්ත්වයට මුහුණ දෙනවා.

image 285

ඒ ඇගේ රටක් දන්න ආදරණීය පෙම්වතා ප්‍රේම සම්බන්ධතාවයට නැවතීමේ තිත තබපු නිසයි. ගොඩක් අය සචිනිගෙ මේ ලව් හුට පටේ ගැන දන්නවා. සචිනි ආදරේ කරන්න පටන් ගත්තෙ ලවන් අභිෂේක්ට. එහෙමත් නැත්නම් සංගීතය ටෙලි නාට්‍යයේ මහි කියන පුද්ගලයාට තමයි ඇය ආදරය කළේ. කෙසේ නමුත් ඔවුන් දෙදෙනාම මේ වෙද්දි වෙන්වෙලා ජීවත් වෙනවා. ඒ ආදරණීය කතාවෙන් වෙන් උනාට පස්සේ සචිනිට හිත හදාගන්න එකපාර බැරි වුණා. ඒ හේතු මත තමයි ඈ විශාදය කියන රෝගී තත්ත්වයට ලක් වෙලා රෝහල්ගත පවා වෙලා ප්‍රතිකාර ලබා ගත්තේ. කෙසේ නමුත් අද වෙද්දී ජීවිතයේ බොහෝ වෙලාවට තේරුම් අරගෙන ජීවත් වෙන්න සචිනි උත්සාහ දරන කෙනෙක්.

image 284

ඉතින් පසුගිය දවසක ඇය ජීවත් වන විදිය සහ රටාව පිළිබඳව එක්තරා යූටියුබ් වැඩසටහනට සචිනි අදහස් හුවමාරු කරගත්තා. ඇය එහිදී කිව්වේ ඒ ආදරණීය ආදරයත් එක්ක තිබ්බ මතක සටහන් තාමත් ඇයගේ හදවතේ තියෙනවා කියන දේ. ඒ වගේම තමයි බොහෝ රංගන ශිල්පීන් ශිල්පිනියන් විවිධ සාද වලදී මධුවිත පානය කරන්නත් අමතක කරන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් සචිනිත් විවෘතව අදහස් දැක්වූවා මෙන්න මේ විදියට.

image 282

“මම ලොකුවට බොන්නේ නැහැ. ඒ කියන්නේ බිලා තියෙනවා පාර්ටිස් වලට ගියාම.මම ගොඩක් ගන්නෙ කොක්ටේල් තමයි. දැන් නම් ලොකුවට එහෙම කරන්නේ නෑ…. ඒකත් මම ලිමිට් කරලා තියෙන්නේ. මොකද මම පොඩ්ඩක් ආගමික පැත්තට ගිහින් තියෙන නිසා මම එහෙම ලොකුවට බොනවා අඩුයි දැන්. මාස එකහමාරකට සැරයක් වගේ තමයි මම දැන් එහෙම කරන්නේ….”

ඉතින් රංගන ශිල්පිනියක් විදිහට විවෘතව ඇය කරන කියන දේවල් පිළිබඳව සචිනි කිව්වේ ඒ වගේ කතාවක්.

image 283