උණුසුම් පුවත්
Search
upeksha

”මං දේශපාලනය කළාට සමාවෙන්න” – උපේක්ෂා ස්වර්ණමාලි

197

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලී (පබා) කාන්තා පුවත්පතක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ තමන් ජීවිතයේ වටිනාම කාලයේ දේශපාලනයට සම්බන්ධ වීම නිසා අවාසියකට මුහුණ දුන් බවයි. දේශපාලන ගැරහුම් නිසා පීඩාවට ලක්ව සිටින තමා ආදරණීය ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලා සිටින බව ද ඇය පවසන්නීය. ධරණී පුවත්පතට ඇය මෙසේ කියා තිබේ.

image 167

”දේශපාලනය කරද්දී ගැරහුම් වැඩියි. 2015 වසරෙන් පසුවයි මම දේශපාලනයට සම්බන්ධ වුණේ. මගේ ජීවිතයේ හොඳම කාලය මම දේශපාලනය වෙනුවෙන් වෙන්කළා. අද මට තිබෙන ලොකුම දුකත් ඒකමයි. වර්තමානයේ දී රන්ජන් අයියා (රන්ජන් රාමනායක) මාලනී අක්කා (මාලිනී ෆොන්සේකා) ගීතා අක්කා (ගීතා කුමාරසිංහ) ඒ හැමෝම ඒ අයත් ස්වර්ණමය කාලයේදී කලාවෙමයි හිටියේ. හැබැයි මම මහේෂ් රත්සර මද්දුමආරච්චි ලියූ පබා ටෙලිනාට්‍යයේ පබා චතයෙන් ජනප්‍රිය වුණ ගමන්ම මගේ වටිනාම කාලයේදී දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. ඒක මට ලොකු පාඩුවක් වුණා.

image 168

ගැරහුම්වල දී එදත්, අදත් මම ඒවාට කන්දෙන කෙනෙක් නෙවෙයි. සමාජ මාධ්‍යයේ දාලා තිබෙන අදහස් මම එහෙම කියවන්නේ නැති තරම්. ඒවා කියවීම මට වැදගත් නැහැ. අඩුපාඩුවක් හදාගන්න කියන දේවල් මම අහනවා. හැබැයි මාව වට්ටන්න, මට අපහාස කරන දේවල් මම ගණන් ගන්නේ නැහැ. අපි හැමෝගේම අඩුපාඩු තියෙනවා. ඒවා හදාගන්න අවශ්‍යයි. හැබැයි ඔය වැඩකට නැති දේවල් ගැන මම වැඩිය හිතන්නේ නැහැ.

image 169

පක්ෂ දේශපාලනයට සම්බන්ධ වීම තුළින් මට ආදරය කරපු රසික රසිකාවියන් බෙදිලා ගියා. දේශපාලනය නිසා මට වෛර කරපු අය හිටියා. ඒක මම මට කරගත්තු ලොකු හානියක්. හැබැයි මාව හරියට තේරුම් ගත්තු ලොකු පිරිසක් හිටියා. කාටවත් හැමෝගෙම හිත් සනසන්න බැහැනේ. තාමත් පබාට ආදරය කරන පිරිසක් උපේක්ෂාට ඉන්නවා.. අනිවාර්යයෙන්ම. මට ඒක දැනෙනවා. ඒ ආදරය මට දැනෙන තැන් තියෙනවා. ඒ ළෙංගතුකමක් තියෙන හැමෝටම ගොඩක් ස්තුතියි. කලාකාරියක් විදිහට වෙන ක්ෂේත්‍ර වලට ගිහින් එක එක්කෙනාගේ හිත්වලට වෙන වෙන හැඟීම් දැනෙන්න යම් යම් දේවල් මගේ අතින් වුණා. ඒ දේවල්වලට සමාවෙන්න කියලත් මම ආදරණීය මිනිසුන්ගෙන් ඉල්ලා සිටිනවා.‘”

image 170