උණුසුම් පුවත්
Search
hirusha wasthi

බිරිඳ වෙනුවෙන් 21 වන සැප්තැම්බරයේ වසති කණ්ඩායමේ හිරුෂ තැබූ ආදරණීය සටහන

250

ලංකාවේ කාලෙන් කාලෙට විවිධ තරු බිහි වෙනවා… රුපවාහිනී නාලිකා වලින්, ෆේස්බුක් එකෙන් යුටියුබ් එකෙන් මේ වගේ තරු කාලෙන් කාලෙට පායනවා. හැබැයි මේ තරු අතරින් හැමෝගෙම ආදරේ දිනාගෙන කාලයක් කලා ලෝකයේ ඉහලින්ම ඉන්න අවස්තාව හිමිකරගන්නේ බොහොම සුළු පිරිසක් විතරයි. ඒ වගේම කලා ක්ෂේත්‍රයට නිතරම එකතුවෙන්නේ කාන්තාවන්. බොහොම සුළු පිරිසක් තමයි තරුණයන් එකතු වෙන්නේ… ඉතින් මේ විදියට යු ටියුබ් හරහා හැමෝම අතර ජනප්‍රිය වෙලා තාමත් ලංකාවේ හැමෝගේ ආදරේ දිනාගෙන ඉන්න යුටියුබ් කණ්ඩායමක් තමයි ‘වසති ප්‍රොඩක්ෂන්’ කියන්නේ….

බින්දුවේ ඉඳලා පටන් අරගෙන වසති ටීම් එක මේ දක්වා ආව ගමන ජීවිතේ ජයගන්න ඉන්න හැමෝටම ගොඩක් ලොකු ආදර්ශයක්, වසති නාලිකාව ආරම්බ කරන්නේ අනුෂ්ක උදාන වගේම අනුශ්කගේ හොඳම යහළුවා වන දුලාජ් සමගයි. අනුෂ්ක වගේම හැමෝම දුලාජ්ට ආදරේට කියන්නේ තඩියා කියලා. අනුශ්කගේ හීනය වුනේ ගායකයෙක් වෙන එක, නමුත් ගායන ක්‍ෂේත්‍රයේ තිබ්බ කැපිලි කෙටිලි නිසා අනුශ්කට ඒ හීනය සැබෑ කරගන්න බැරි වෙනවා. ඒ කඩා වැටීම එක්කම තමයි අනුශ්කගේ හොඳම යාලුවන්ගේ දිරිමත් කිරීමත් එක්ක ඔහු වසති කියන යුටියුබ් නාලිකාව ආරම්භ කරන්නේ.

image 231

වසති කණ්ඩායම යුටියුබ් වෙත මුලින්ම උඩුගත කරන්නේ ප්‍රහසනාත්මක වීඩියෝ. කොහොම වුනත් කාලයත් සමග අනුෂ්කට ඔහුගේ වසති යුටියුබ් නාලිකාව හරහාම ඔහුගේ ගායකයෙක් වීමේ හීනය සැබෑ කරගන්න හැකි වෙනවා. වසති කණ්ඩායමේ මේ ජනප්‍රියත්වය 100%ක්ම අනුශ්ක උදානට සහ දුලාජ්ට දෙන්න බෑ… මොකද මේ චැනල් එක මෙතරම් ජනප්‍රිය වෙන්නේ මේ දෙදෙනාගේ යාළුවන් හැමෝම උදවු කළා. ඒ අතරින් ප්‍රේක්ෂකයන් අතර වඩාත්ම ජනප්‍රිය වුන චරිතයක් තමයි ”අඩේයි” කියලා කෑගහන හිරුෂ ප්‍රනාන්දු. ඉතින් වසති කණ්ඩායමට නැතුවම බැරි හිරුෂ කියන්නේ පරිප්පු වගේ චරිතයක්. එහෙම කියන්න හේතුව තමයි වස්ති වීඩියෝ එකක හිරුෂ නැත්නම් ඒක පරිප්පු නැති හෝටලයක් වගේ….

image 232

ඉතින් මේ වනවිට ලංකාවේ බහුතරයක ආදරේ දිනාගෙන ඉන්න හිරුෂ පසුගිය දවසක ඔහුගේ සහ ඔහු අතිනත ගත් ආදරණීය බිරිඳගේ පලවෙනි විවාහ සංවත්සරය සැමරුවා. ඒ වෙනුවෙන් හිරුෂ අපූරු සටහනක් මුහුණු පොතට එකතු කරලා තිබ්බා…

image 234

ඒ ‘හමුවීම් අප හාද වී ගිවිසගැනීම් ආ දුර දින 365ක් සපරීම 21 වන සැප්තැම්බරයේ විය.’ කියලා…

හිරුෂගේ මේ සටහනට වස්ති රසික රසිකාවියන් විශාල සංඛ්‍යාවක් සුබපැතුම් එක් කරලා තිබුණා.

image 233