උණුසුම් පුවත්
Search
narmada

පෙම්වතා සමඟ රෙදි ගන්න මහරගම ගිය නර්මදා මහ පාරේ යකා නටයි

4048

අපේ රටේ නමක් දිනා සිටින නිරූපිකාවක්, නිවේදිකාවක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන ඇය නමින් නර්මදා යාපා අබේවර්ධනයි.

මේ වන විට දරුවන් දෙදෙනෙකුත් සමඟ තනිව ජීවත්ව ඇය යළිත් වරක් පෙම්වතියක් බව බොහෝ ප්‍රකට කරුණක්.

May be an image of 3 people

විවාහ දෙකකට සමු දී සිටින නර්මදා මෙවර සම්බන්ධතාවයක් ඇති කරගෙන සිටින්නේ හිටපු නාවුක නිලධරයෙකු මෙන්ම කායවර්ධන ශිල්පියෙකු ද වන රොෂාන් රණසිංහ සමඟයි.

පළමු වරට ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ වූ නර්මදා දෙවන වරට විවාහ වන්නේ කායවර්ධන ශිල්පියෙකු සමඟයි.

May be an image of 1 person

විවාහ දෙකටම සමුදුන් නර්මදා කලක් කියා සිටියේ තමා විශාද තත්ත්වයට පවා පත්ව ප්‍රතිකාර ගත් බවකි. කෙසේ නමුත් ඇය දරුවන් හදාවදාගෙන තනිවම ජීවත්වන බව මාධ්‍ය හමුවේ කියා සිටියා. යළිත් විවාහ වන්නට බලාපොරොත්තුවක් නැති බව පැවසූ ඇය මේ වන විට නම් ජීවත්වන්නේ සිය පෙම්වතා සමඟ බව නොරහසක්.

May be an image of 2 people and beard

කොහොම නමුත් නර්මදා ගැන යළිත් ෆේස්බුක් ජාලය හරහා කතා බහක් ඇතිව ඇත්තේ නර්මදා සහ පෙම්වතා මහරගම රෙදිපිළි හලක් ඉදිරිපිට පැයක් පමණ තම වාහනය නවතා තබා ගොස් ඇති නිසා එම රෙදිපිළි හලේ හිමිකරුවන් සහ ඔවුන් අතර බහින්බස් වීමක් සිදු වී තිබීමත් සමඟයි.

අදාළ රෙදිපිළි හලේ හිමිකරුවන් නර්මදාට මත්පැන් බී ඇතැයි චෝදනා කිරීම නිසා වාදය තවත් උණුසුම් වී ඇත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වනු දැකගන්නට ලැබෙනවා.

May be an image of 1 person