උණුසුම් පුවත්
Search

නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහගේ දියණිය 22 වන උපන්දිනය ජයටම සමරයි (ඡායාරූප සහිතයි)

7090

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය වගේම ප්‍රවීණ නර්තන ආචාර්යවරයෙක් තමයි චන්දන වික්‍රමසිංහ කියලා කියන්නේ.

අද වනවිට රටක් ආදරය කරන අපේ රටේ නර්තන ක්ෂේත්‍රයට මහගු සේවයක් සිදු කරන දක්ෂ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහයන් කියන්නේ පෞද්ගලික ජීවිතය තුළ සුරූපී තරුණ දියණියක සහ නිවුන් පුතනුවන්ගේද ආඩම්බරකාර පියෙක්.

ඔහුගේ ආදරණීය එකම දියණිය වන දෙවින්ගි වික්‍රමසිංහගේ 22වන උපන්දිනය පහුගිය දවසක ජයටම සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

ඉතින් මේ අපූරු සුන්දර අවස්ථාවට අපේ රටේ ජනප්‍රිය කලා තරු රැසක් වගේම ඔහුගේ ආදරණීය පවුලේ බොහෝ දෙනෙක් ද එකතු වෙලා තියෙනවා දැකගන්නට ලැබුණා.

දෙවන්ගි නම් කලා ක්ෂේත්‍රයේ දකින්නට නැති චරිතයක් වුණත් ඇය ඇතැම් අවස්ථා වල සිය පියාගේ ගමන් මඟ අනුගමනය කරමින් නර්තන විලාශ ඉදිරිපත් කරනු සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබෙනවා.

කෙසේ නමුත් ඇය පසුගිය කාලයේ විදෙස්ගතව උසස් අධ්‍යාපන කටයුතු වල නිරතව සිට නැවත ලංකාවට පැමිණ සිටින බවයි දැනගන්නට ලැබුනේ.




Leave a Reply

Your email address will not be published.