බොහෝ දෙනෙක්ගේ හදවත තුළ ඉන්න ලයාන්විත ගායක ගායිකාවන් අතරින් අජිත් මුතුකුමාරණ කියන්නේ ඉහළම ස්ථානයක් හිමිකරගන්නා ගායකයෙක්. සංගීත කණ්ඩායම් නායකයෙක් විදිහටත් ගායකයෙක් විදියටත් සංගීත ක්ෂේත්රය තුළ කටයුතු කරන ඔහුට එදා වගේම අදටත් ගොඩක් දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය හිමිවීම විශේෂත්වයක්.

අජිත් මුතුකුමාරණ ගැන කතා කරද්දී ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන කියද්දී ආදරය සම්බන්ධයෙන් විවිධ ආකාරයේ අර්බුදකාරී තත්වයන් වලට ඔහු මුහුණ දීපු කෙනෙක්. ඒකට හේතුව පළමු විවාහයෙන් වෙන් වෙන අජිත් දෙවැනි වර තමන්ගේ ජීවන සහකාරිය විදිහට තෝර ගන්නේ ක්ෂේත්‍රයේ ප්‍රකට ගායිකාවක් වන කේ සුජීවාවයි.
වසර ගණනාවක් සුජීවා සහ අජිත් එකට ජීවත් වුණා. නමුත් ඇතිවූ යම් කිසි ගැටළුකාරී තත්ත්වයන් මත දෙදෙනාම මේ විවාහ ජීවිතයට සමු දෙන්න තීරණය කරනවා. කෙසේ නමුත් පෞද්ගලික ජීවිතය තුළ ඒ දේවල් ඒ විදිහට සිද්ධ වුණත් අජිත් තමන්ගේ වෘත්තිමය ජීවිතය අවුල් කර ගත්තේ නැහැ.

ඒ නිසාම තමයි අදටත් ගායකයෙක් විදිහට ඔහු ක්ෂේත්රය තුළ නමක් රඳවාගෙන ඉන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් කරන චෝදනාවක් තමයි අජිත්ට ගැහැණු නිසා නිතරම ප්‍රශ්න ඇතිවෙනවා කියන දේ. ඇත්තටම මේ සම්බන්ධයෙන් ඔහු සහභාගි වූ එක්තරා වැඩසටහනක් ප්‍රචාරය වන අතර තුර නිවේදකයා අහපුවාම අජිත් හිනාවෙලා කිව්වේ මේ වගේ කතාවක්.

“මම තරුණියන් සමීපව ඇසුරු කරන්නැහැ. මොකද පොඩ්ඩක් නම් ප්‍රශ්න. ඒ නිසා මම අවුරුදු ගණනාවක ඉඳන් මේ ඇසුර නවත්තලා තියෙන්නේ…. කතා කරන මනුස්සය හිතයි මට ප්‍රශ්න නෑ කියලා. මට ප්‍රශ්න නැති උනත් අනිත් මිනිස්සුන්ට ප්‍රශ්න. මට මොන ප්‍රශ්න ආවත් මට ප්‍රශ්නයක් නැහැ, ප්‍රශ්න වලින්ම මං හෙම්බත්වෙලා…. මම දැන් හරි ජොලියෙන් තමයි ඒවාට මුහුණ දෙන්නෙ. මට තිබුණේ ජීවිතය නැතිකරගන්න තරම් ප්‍රබල ප්‍රශ්නයක්. ඒත් දැන් මම ප්‍රශ්න ගණන් ගන්නේ නැහැ.”
ඉතින් ඔන්න ඔය විදිහට තමයි කලකට පසු අජිත් සාකච්ඡාවක් සමග එකතුවෙලා ඔහු ජීවිතය ගත කරන විදිහ පිළිබඳව අදහස් දක්වලා තිබුණේ.
