බ්‍රසීලයේ සාවෝ පාවුලෝ හි දිගම ගංගාව ලෙස සැලකෙන ටියෙට් ගංගාව විෂ සහිත පෙණ වලින් වැසී ගොස් තිබේ.
පරිසරවේදීන් පවසන්නේ, ටියෙට් ගංගාව සාවෝ පාවුලෝ හි දූෂිතම ගංගාව ලෙස වාර්තා අතර ට එක් ව ඇති බවය. එම ගංගාව කලාපයට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රය ලෙස ද සැලකේ.
කෙසේ වුව ද මේ වන විට ටියෙට් ගංගාව විෂ සහිත පෙණ වලින් වැසී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ සමග ටියෙට් ගංගාව ආශ්‍රිත ප්‍රදේශ දැඩි දුඟද ක් හමා එන බව ද වැසියන් පවසයි. ඉන් බ්‍රසීලයේ ජනගහනය වැඩිම නගරයක් වන සාවෝ පාවුලෝ හි ජන ජීවිතයට බාධා එල්ල වී තිබේ.
විෂ පෙණ හේතුවෙන් ගංගාවේ ජලජ ජීවීන් රැසක් මියගොස් ඇති අතර ඉන් ධීවර ප්‍රජාවට එල්ල වී ඇත්තේ ප්‍රබල බලපෑමකි.
එමෙන්ම ඉන් නගර වැසියන්ගේ සෞඛ්‍යයට දැඩි අවදානමක් එල්ල වී තිබේ. විවිධ කර්මාන්තශාලා මඟින් රහසේ ගංගාවට බැහැර කරන රසායනික ද්‍රව්‍ය මෙම අහිතකර තත්ත්වයට හේතු වී ඇති බව පරිසරවේදීන් පවසයි.
ඒ අනුව ටියෙට් ගංගා ජලය සමග හයිඩ්‍රජන් සල්ෆයිඩ් මිශ්‍ර වී තිබීමෙන් එහි මිනිස් සෞඛ්‍යයට මෙන්ම පරිසරයට ද අහිතකර බැක්ටීරියා විශාල ප්‍රමාණයක් අඩංගු වී ඇති බව ඔවුන් වැඩි දුරටත් පවසයි.
කලක පටන් අවස්ථා රැසකදී ටියෙට් ගංගාව මෙලෙස දූෂණයට ලක්වෙමින් පවතී. ඒ අනුව 2021 වසරේ දී ටියෙට් ගංගාවේ දිගින් කිලෝ මීටර 85ක කලාපයක් පුරා මෙම පෙණ සහිත ස්වභාවය දක්නට ලැබුණි. 2022 වසරේ දී එය සියයට 40 කින් ඉහළ ගොස් තිබුණි. මෙම තත්ත්වය හේතුවෙන් මේ වනවිට ටියෙට් ගංගාව වාර්තා අතරට එක් ව ඇත්තේ, සාවෝ පවුලෝ හි දූෂිතම ගංගාව ලෙස ය.