උණුසුම් පුවත්
Search
queen elizabeth

එලිසබෙත් මහ රැජිනගේ වියෝව වෙනුවෙන් ශ්‍රී ලංකාව කරපුදේ

45

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී ඇති බව එංගලන්තයේ බකින්හැම් මාළිගය නිවේදනය කරතිබේ.

මිය යන විට ඇය 96 හැවිරිදි වියේ පසුවූ අතර වසර 70ක් කිරුළ දැරුවාය.

ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිගාවේ විවේක සුවයෙන් සිටින අතරතුර ඇය අසනීප වූ බව වාර්තා විය.

අභාවයට පත් මහ රැජිත වෙනුවෙන් ශෝක පණිවුඩ ගලා එමින් පවතී. එරට වැසියෝ රජ මාළිඟය් අසළ මල් කළඹ තැම්පත් කරමින් ශෝකය පළ කරයි.

එලෙසම දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවය සම්බන්ධයෙන්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ,දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සඳහා සියලු ම රාජ්‍ය ආයතනවල   (සැප්තැම්බර් 09) දින සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

තවද දෙවන එලිසබෙත් මහ රැජිනගේ වියෝව පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ශෝකය පල කරයි

1952 – 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී ලෙසද කටයුතු කළ, දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීමට  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විනාඩි දෙකක නිහඬතාවක් පල කරයි.

දෙවන එලිසබෙත් මහ රැජිනගේ වියෝව පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ශෝකය ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුව ආරම්භයේ දී ප්‍රකාශයක් කරමින් පැවසීය.

ඒ අනුව පාර්ලිමේන්තුව විනඩි දෙකක නිහඬතාවක් පල කළේ ය.




Leave a Reply

Your email address will not be published.