උණුසුම් පුවත්
Search
Yureni

එදා වුන ලැජ්ජාව නිසා ආයේ බොරු දේවල් පස්සට දැම්මේ නැ-යුරේනි

944

යුරේනි නොෂිකා. රංගන ශිල්පිනියක් ලෙස මෙන්ම නිවේදිකාවක් ලෙස නමක් දිනා සිටින දක්ෂතා රැසකින් හෙබි සොඳුරු යුවතියක්.ලෝකයේ කාලයෙන් කාලයට වෙනස් වෙන මෝස්තර ගැන විශේෂ අවධානයකින් සිටින ඇයගේ විලාසිතා හා විලාසිතා කරන්න ගිහින් සිදුවුනු අකරතැබ්බ ගැන හඩ අවදි කළා.

විලාසිතා කියන්නේ මගේ ජීවිතේම කොටසක් .කවුරු මොනව කිව්වත් මම කැමතිම විලාසිතා කැමතිම විදිහට හැමදාම කරන්නයි මං පුරුදු වෙලා ඉන්නේ .ඒ නිසා මට ගැළපෙනවා නම් මම ඕනෑ ම විලාසිතාවක් කරනවා .විලාසිතා කරද්දී අනිත් අයගේ විවේචන හෝ කැමැත්ත ගැන මම ලොකුවට හිතන්නෙ නැහැ .

269856615 467668664717493 960312603416851645 n

සමස්තයක් විදියට ගත්තොත් ලෝකයේ අනිත් රටවල් එක්ක බලද්දි ලංකාවේ විලාසිතා කියන විෂය තියෙන්නෙ වසර තිහක් හතළිහක් පස්සෙන්. ඒ තරමටම ලංකාවේ විලාසිතා ගැන අවබෝධය අඩුයි .

මම විලාසිතා කරන්නේ මූඞ් එක අනුව .මුඞ් එක හොඳයි නම් හොඳට ඇදලා පැලඳල යනවා .නැත්තං ඉතිං ඔහේ යන වෙලාවලු‍ත් තියෙනවා. සාමාන්‍යයෙන් මම විලාසිතා කරනවා නම් ඇගේ හැඩය ගැන ගොඩක් සැලකිලිමත් වෙන කෙනෙක්. හමේ පාට ගැන නම් හිතන්නේ නැති තරම්. මොකද මට ලස්සන හමේ පාටක් නැහැනෙ. එහෙමයි කියලා විවිධ පාට විලාසිතා කරන්න මම බාධාවක් කරගෙන නැහැ. තමන් කරන විලාසිතා ගැන තමන්ට ආත්මවිශ්වාසයක් තියෙනවනම් මොන ඇඳුම ඇන්දත් ඒක ලස්සනයි කියලයි මටනම් හිතෙන්නේ .විලාසිතා ගැන ලොකු අවබෝධයක් තියෙන නිසාම ඇඳුමක් දැක්ක ගමන්ම මට ඒක ගැලපෙනවද නැද්ද කියලා තීරණය කරන්න මට පුළුවන් .

191023836 10159144814874906 6087565727450488026 n

විලාසිතා කරන්න ගිහින් වුන අකරතැබ්බ තමා සපත්තුවල අඩි ගැලවෙන ඒවා ,සාරි කඩන් වැටෙන එවානම් නිතරම වගේ වෙනවා. තවත් අමතක නොවෙන සිදුවීමක් තමයි ඉන්දියාවේ මගේ හොඳම මිතුරියගේ උත්සවයකට සහභාගි වුණු වෙලාවෙදි මම එදා සැරසුන විලාසිතාවට නව හැඩය ක් ගන්න ”‍ කෘතිම පස්සක්”‍ ඇඳලා පුංචි අමාරුවක වැටුණා. ඒදායින් පස්සෙ නම් මම පස්සවල් දැම්මේ නැහැ ….ඒ තරමට එදා ලැජ්ජ වුණා.




Leave a Reply

Your email address will not be published.