උණුසුම් පුවත්
Search
Nadeesha Hemamali

එදා ඇග විකුණන් කන්න ඕනේ එක නීතිගත කරන්න ඕනේ කිව්ව නදිශා දැන් කියන කතාව

1232

ගණිකා වෘත්තිය නීතිගත කිරීමට තමා කැමති බව නදීශා හේමමාලි ඉරාජ් වීරරත්න සමග ෆෙස් බුක් ඔස්සේ පැවැත්වූ සජීව වැඩසටහනකදීය’මීට වසර 6කට පෙර පවසා හිටියා. ඊට හේතුව ලෙස ඇය පෙන්වා දුන්නේ” මම දකින විදියට මිනිස්සු ගොඩක් වෙලාවට තමන්ගෙ දුව අම්මා සහෝදරියට හදි කරනව’ එච්චර ආතතියකින් ඉන්නෙ’ ගම්බද විතරක් නෙවෙයි නගරවලත් මේ තත්වයට මුහුණ දීල තියෙනව’ මේක මැජික් එකක් වෙලා තියෙන්නෙ’ මං හිතන්නෙ මේක නීතිගත කළොත් ඒ අයට හොඳයි’කියලා.

189456925 5558547107550639 6149422630583504873 n

එත් එදා එහෙම කිව්ව නදිෂා අද නදීශා ජීවිතය හා ආදරය ගැන කිව්වේ මෙහෙම කථාවක්.

“ජීවිතය ගොඩක් සුන්දරයි. එදිනෙදා මුහුණ දෙන්න සිදුවන අත්දැකීම් දිහා සුබවාදීව බලලා ජීවිතේ ගොඩක් සතුටින් ගත කරන කෙනෙක් මම. එහෙම සුබවාදීව ජීවිතේ දිහා බලන්න පුරුදු වුණාම අපට හැම මොහොතකම සතුටෙන් ගත කරන්න පුළුවන්.
එ වගේම ඕනෙම කෙනෙකුට ආදරේ අවශ්‍යයි. රංගන ශිල්පිනියක් වුණත් මමත් සාමාන්‍ය ගැහැනියක්. ඉතින් මටත් ආදරේ දැනෙනවා. ආදරේ කරනවා. ඒ ආදරේ විඳිනවා.

මම කියවලා තියෙන විදියට සැබෑ ආදරේ ඇලීමෙන් තොර වූ මෛත්‍රියක්. ගැටීමෙන් තොර වූ කරුණාවක්. ඒ ආදරේදි අපි දෙයක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. ඒ තමයි සැබෑ ආදරේ. අනෙක් කෙනාගෙ සතුට, සුබ විහරණය මේ හැමදේටම මූලිකත්වය දෙන්න ඕනෙ. විශේෂයෙන් අනෙක් කෙනාගෙ නිදහස කියන දේට ගෞරවය ලබා දෙන්න ඕනෙ.

186484482 5558545094217507 7834480460789556580 n

මේ ලෝකෙ ජීවත් වෙන අපි කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ. අපි හැමෝගෙම අඩු පාඩු තියෙන්න පුළුවන්. දුර්වලකම් තියෙන්න පුළුවන්. ඒ හින්දා ආදරේ කරද්දි අනෙක් කෙනා මෙහෙම වෙන්න ඕනෙ කියලා බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. ගොඩක් වෙලාවට තමන්ගෙ අදරේ තව කෙනෙකුට ලබා දෙන්න ඕනෙ නම් මෙහෙම වෙන්න ඕනෙ කියලා සීමා මායිම් දමන්න සමහරු කටයුතු කරනවා. ඒත් ඒ සීමාවන් තුළ හැමදාමත් හිරවෙලා ඉන්න අමාරුයි. මොකද එහෙම කෙනෙකුගෙ අවශ්‍යතාව මත තමන්ගෙ ජීවිතේ වෙනස් කරගන්න ගියාම අපට සිද්ධ වෙන්නෙ මුළු ජීවිත කාලයම අපි නොවෙන කෙනෙක් වෙලා ජීවත් වෙන්න. ඒක හරිම අමාරු දෙයක්. එවන් තත්ත්වයක් තුළ සැබෑ ආදරේ ගිලිහෙන්න පුළුවන්. එතකොට ගැටුම් ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

190772673 5558545930884090 8446254813367255899 n

ඇත්තටම මං මගෙ ජීවිතේ ගැන සතුටින් ඉන්නෙ. කොහොම වුණත් අපි හැමෝගෙම අඩු පාඩු තියෙනවා. මේ ලෝකෙ පැවැත්ම හැදිලා තියෙන්නෙ ඒ විදියට. ඒ හින්දා අපි කවුරුවත් 100% ක්ම අංග සම්පූර්ණ නැහැ. ඒ කියන්නෙ අපි හිතන පතන විදියට හැමදේම අපට ලැබෙන්නෙ නැහැ. ඒ හින්දා ජීවිතේ අපට ලැබෙන දේ බාර අරගෙන අප තුළ වරදක් ඇත්නම් එය නිවැරදි කරගෙන හිත සතුටින් ජීවත් වෙන්න ඕනෙ.”කියලා තමා නදිශා දැන් අපිත් එක්ක කීව්වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *