උණුසුම් පුවත්
Search
maleesha

”අම්මියි තාත්තියි වෙන් වුන එක ගැන මට සතුටුයි”- මලීෂා පෙරේරා

6185

අපේ රටේ කලා ක්ශේෂ්ත්‍රය තුළ කවුරුත් හඳුනන දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වගේම දක්ෂ රංගන ශිල්පියෙක් වන ඔහු නමින් චන්න පෙරේරා. ඔහුගේ බිරිඳ රංගනයට, නිවේදනයට දස්කම් දක්වන අතරම වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිණියක ද වන ගයාත්‍රි ඩයස් ය.

image 70

ගයත්‍රිට සහ චන්නට ආදරණීය දියණියන් දෙදෙනෙක් ඉන්නවා. මේ වන විට ගයත්‍රි සහ චන්න විවාහයෙන් වෙන් වෙලා දෙන්නා වෙන්ව ජීවත් වුණත් ඔවුන්ගේ ආදරණීය දියණියන්ගේ වැඩකටයුතු වලදි සහයෝගයෙන් වැඩ කරනවා.

image 73

ඉතින් චන්නගේ සහ ගයත්‍රිගේ මේ ආදරණීය දියනියන් දෙදෙනා ගයත්‍රි සමගින් මේ වන විට ජීවත් වෙන්නේ. ඉතින් දෙමාපියන් වෙන් වුනත් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ගන්න ඕනම තීරණයකට ඔවුන් සහයෝගය දක්වනවා කියලයි ලොකු දුව එක්තරා රූපවාහිනී වැඩසටහනකදී අදහස් දක්වලා තිබුණේ.

image 71

”මම කැමතියි තාත්තා වෙන විවාහයක් කරගන්නවට. මොකද මට ඕන ඒ දෙන්නා කොතනක හරි සතුටින් ඉන්නවට….. අම්මියි තාත්තියි එකට ඉන්නකොට සතුටින් නෙමෙයි හිටියේ. ඉතින් එයාලා වෙන් වුන එක ගැන මට සතුටුයි….. දැන් එයාලා දෙන්නම සතුටින්. තාත්ත වෙන කෙනෙක් හොයාගන්නවනම් මම සපෝර්ට් කරනවා….”

image 72