ලිට්රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල අද (08) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 246කින් අඩු කරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
එම සමාගමේ සභාපති මුදිත පීරිස් අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව පවසා සිටියා.
ඒ අනුව ලිට්රෝ ගෑස් කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 99කින් ද, ලිට්රෝ ගෑස් කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 45කින් ද, පහත දැමෙන බව මුදිත පීරිස් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
එම මිල පහත දැමීමත් සමග රුපියල් 4,910ක්ව පැවැති ලිට්රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක නව මිල රුපියල් 4,664 ක් බවටත්, රුපියල් 1,971 ක්ව තිබූ ලිට්රෝ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1872 ක් බවටත්, රුපියල් 914 ක්ව පැවැති ලිට්රෝ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 869ක්ද දක්වා ද පහත වැටීමට නියමිතව තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති මුදිත පීරිස්, තමන් සභාපති ධූරයට පත්වීමෙන් පසුව ක්‍රියාත්මක කළ ‘ගෑස් මිල සූත්‍රය’ට අනුව මෙම මිල පහත දැමීම සිදුවූ බවත් ලෝක ගෑස් මිල අනුව සෑම මසකම 05 වැනිදා වන විට ඉදිරියේ දී මිල සංශෝධනය ක්‍රියාත්මක කරන බවත් පවසා සිටියා.